ටෙස්ට් තරගාවලියෙන් ඉන්දියාවට අන්ත පරාජයක්

ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලිට 4 ට 1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
ලන්ඩනයේදී පැවැති තරගයේ අවසන් දිනයේදී එංගලන්තය සිය ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 118කින් ඉන්දියාව පරාජය කරමිනුයි.
මෙම තරගයේ එංගලන්ත පලමු ඉනිම ලකුණු 332 යි.
ජොස් බට්ලර් ලකුණු 89 යි.
තරගයේ ඉන්දීය පලමු ඉනිම ලකුණු 292 යි. රවින්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 82 යි.
ලකුණු 40ක් ඉදිරියෙන් දෙවන ඉනිම ඇරඹු එංගලන්තය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 423 යි.
සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ අලෙස්ටයාර් කුක් ලකුණු 147 යි.
ජෝ රූට් ලකුණු 125 යි.
ලකුණු 464 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය දෙවන ඉනිම ලකුණු 345කට සීමාවුණා.
ලෝකේෂ් රාහුල් ලකුණු 149 යි.
රිෂාබ් පාන්ට් ලකුණු 114යි.
මෙම තරගය සමග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඇලෙස්ටයාර් කුක් තරගයේ වීරයායි. විරාත් කෝලි හා සෑම් කුරාන් තරගාවලියේ වීරයන් ලෙස නම් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *