ඩෙංගු යළි හිස ඔසවයි / රෝගීන් 4200යි / මරණ 2 යි


වසරේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගින් 4200 ක් වාර්තාවී ඇති අතර ඉන් දෙදනකු මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

උණ සන්නිපාතය සැදි ඇත්නම් වහාම ලේ පරීක්ෂාවක් කර ඩෙංගු රෝගය වැළදී ඇත්ද යන්න සැක හැර දැන ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවිර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,

පසුගිය වසරේදී වාර්තාගත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවුණා.
කෙසේ වෙතත් එහිදී පැවැති ජනතා උනන්දුව හා අවධානය මේ වන විට ක්‍රමයෙන් අඩුව ඇති බැවින් රෝගය යළි පැතිර යන බවටයි අදහස් පලවන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.