ඩෙන්මාර්කය පරාදයි / ක්‍රොඒෂියාව සුපිරි 8 වටයට

ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ තරගයෙන් ඩෙන්මාර්කය පරදවා ජය ලැබීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
ඒ ගෝල 1 ට 1ක් ලෙස තරගය සමවීමෙන් පසු දඩුවම් පහර මගින් 3 ට 2ක් ලෙස ජය ගනිමින්.
ඒ අනුව ඩෙන්මාර්කයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
මෙම තරගයේ ආරම්භක මිනිත්තු 4 දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීම විශේෂත්වයක්.
ක්‍රොඒෂියාව ලෝක කුසාලන තරගාවලියක සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවේ වසර 20කට පසුවයි.