ඩොලරය වැඩි නිසා කුඩා මෝටර් රථ ලක්ෂයකින් වැඩි වෙලා

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා මේ වන විට රථවාහන වෙළඳපොළ තුළ මිල ගණන් ඉහල යාමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මේ වන විට කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක පවා මිල ගණන් ලක්ෂයකින් පමණ වැඩි වී ඇති බවයි.
ඩොලරයේ අගය තව දුරටත් ඉහළ ගියහොත් වාහන මිල ගණන්ද යම් අගයකින් ඉහල යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පවත්නා තත්ත්වය තුල වාහන ආනයනකරුවන් දැඩි අර්බුධයකට මුහුණ පා ඇති බවද ඔහු කියා සිටියා.
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *