ණය බර නිසා විස අයිස්ක්‍රීම් කා මවක් හා දරු 3න් දෙනකු මරුට

යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවකගේ හා ඇයගේ දරුවන් 3න් දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිඛෙනවා.

අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ඒ වී මාර්ගයේ පදිංචි මෙම පවුලේ පියා මීට මසකට පමණ පෙර ණය ආරවුලක් මත වස පානය කොට මිය ගොස් ඇති අතර ඉන් පසු එම නිවසේ ජීවත්ව සිට ඇත්තේ මෙම කාන්තාව ඇයගේ පුතුන් දෙදෙනා හා දියණිය පමණයි.

අද උදෑසන 11 ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන මව විසින් එයට වස මිශ්‍ර කිරීමෙන් පසුව පුතුන් දෙදෙනාට හා දියණියටත් ලබාදී ඇයද අනුභව කර ඇති බවයි හෙළිව ඇත්තේ.
මළ සිරුරු යාපනය රෝහලට යොමුකර තිඛෙනවා.

මීට පෙර එම පවුලේ පියා මිය ගොස් ඇත්තේද ඔහු සේවය කරන ලද රත්තරන් වෙළඳ සැලක රත්තරන් වලට යොදාගන්නා පොටෑසියම් නැමති ද්‍රව්‍යක් පානය කිරීමෙන් බවයි හෙළිවන්නේ.
ඒ අයුරින් මිය ගිය තැනැත්තා විසින් ලබාගත් ණය ගෙවන ලෙස ඉල්ලා ණය හිමියන් බලපෑම් කිරීම හේතුවෙන් මෙම සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට විශ්වාස කෙරෙනවා.
මිය ගිය කාන්තාව 28 වන වියේ පසුවන අතර ඇයගේ දරුවන් වයස අවුරුදු 1 , 2 හා 4 යන වයස්වල පසුව තිබුණා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *