ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව පහත දමයි / ආර්ථික අර්බුධයක් ඉදිරියේ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම දක්වා පහත දැමීමට ෆිච් රේටින්ග්ස් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ මෙරට දේශපාලන අස්ථාවරත්වය හා පවතින ආර්ථික අවධානම් සමගයි.
නිවේදනයක් නිකුත් කරමින් ෆිච් රේටින්ග්ස් ආයතනය සදහන් කළේ 2019 – 2022 කාලය තුල ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය ඩොලර් බිලියන 20.9 ක් බවයි.
එහෙත් මේ වන විට ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 7.5 ක් බවද එහි දැක්වෙනවා.
මේ වන විට පවතින අර්බුධකාරී තත්ත්වයන් හමුවේ මෙරට බැදුම්කර ආයෝජනවලින් බොහෝ ප්‍රමාණයක් යළි ඉවත් කරගෙන ඇති බවයි එම වාර්තාව අනාවරණ කරන්නේ.