තංගල්ලේ පොහොට්ටුවේ බලය එජාපයට හිමිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බහුතර බලයක් හිමිකරගෙන සිටි තංගල්ල නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව තංගල්ල නගර සභාවේ සභාපති හා උප සභාපති යන තනතුරු දෙකම හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා.
සභාපතිවරයා ලෙස අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුතු වන රවිඳු වෙදආරච්චි මහතා පත්වූ අතර උප සභාපති ලෙස එම්ඒ මොහොමඩ් සිරාස් මහතා පත් කෙරුණා.
සභාපති ධූරය සදහා වූ ජන්ද විමසීමේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් හේවා දුනුවිල හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රවිදු වෙදආරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබුණා.
ජන්ද විමසීමේදී අපේක්ෂකයින් දෙදෙනාම සමාන මනාප ලබාගත් බැවින් කුසපත් ඇදීමෙන් සභාපතිවරයා තෝරා ගනු ලැබුවා.