තලාවේගමට එළිය දී සබරගමු සරසවියෙන් සිහිනයකට අරුතක්

නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුවද සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික සම්පත් ඛෙදී යාමේ විෂමතාවය බරපතල ලෙස හදුනාගත හැකි ගැටළුවක් ලෙස හැදින්විය හැකිය.ජාතික පාසල් හා සුවිශේෂි ප්‍රධාන පාසල් වෙනුවෙන් බොහෝ නවීන තාක්ෂණය හා සම්පත් නිරන්තරයෙන් එක්වුවද තවමත් පොල් අතු පැලකට සමාන ගොඩනැගිලි හා අසීමිත ගුරු හිගයකින් පීඩා විදින දිළිදු පාසල්වලින්ද අප රට තුල හිගයක් නොපවතින බව නොරහසකි. එහෙත් අඩු පහසුකම් සහිත පාසල්වල සිසු සිසුවියන් අඩු ලංසුවෙන් තක්සේරු කළ නොහැක්කේ ඔවුන් සුපිරි පාසල් අභිබවමින් දස්කම් ප්‍රකට කිරීමට සමත්ව සිටීම හේතුවෙනි.
එවන් ඉහල දක්ෂතා සහිත අඩු අවධානයකට ලක්වූ පාසලක් වෙනුවෙන් සුවිශේෂ සමාජ සත්කාරයක් ක්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ 2012/13 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා කටයුතු කළා. තලාවේගම කණිෂ්ඨ විද්‍යාලය රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි ඉතා දුෂ්කර පාසලක් වන අතර බලධාරීන්ගේ නිසි ඇස නොගැටුනු පාසලක් ලෙසද එය හැදින්විය හැකිය. එම විද්‍යාලයට පන්තිකාමර දෙකක් සහ පරිගණක කාමරයක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ 2012/13 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායම කටයුතු කිරීම පසුපස සැගව ඇත්තේ මනුෂ්‍යත්වය පමණක් නොව අප්‍රතිහත ධෛර්යය යන්න සදහන් කළද එහි කිසිදු වරදක් නැත.

තලාවේගම කණිෂ්ඨ විද්‍යාලයට සිහිනයක්ව පැවති එම පියසි තලය සිහිනයකට අරුතක් යන නමින් ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2017 පෙබරවාරි මස 09 වනදිනයි. මෙහිදී මෙම සද්කාර්යයට දායක වූ සබරගමු සිසුන් හමුවේ පැවැති මූලිකම ගැටලුව වූයේ අවශ්‍ය අරමුදල් සම්පාදනයයි. සියලූම සිසුන් පූර්ණකාලීනව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වන්නන් වීම හේතුවෙන් මූල්‍යමය සම්පත් සම්පාදනය මෙන්ම අවශ්‍ය කාලය යෙදවීමේ අරගලයක නිරතවීමටද සිසුන්ට සිදුව තිබුණා. කැට ව්‍යාපාරයේ යෙදෙමින් ප්‍රධාන වශයෙන් අරමුදල් සම්පාදනය සිදුවූ අතර විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනුසිංහ ජී. ධර්මරත්න මහතා ඇතුලූ ආචාර්ය මණ්ඩලයේ සහාය මෙහිදී දැවැන්ත ශක්තියක් බවටයි පත්ව තිබුණේ.

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ 2012/13 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායම ඇරඹු මෙම ව්‍යාපෘතියෙන් නිර්මාණය වූ ගොඩනැගිල්ලට ශ‍්‍රී ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් විදුලි සම්පාදනය සිදුකර තිබුණේ පරිගණක කාමරයේ භාවිතය උදෙසායි. මේ සදහා තලාවේගම කණිෂ්ඨ විද්‍යාලයයේ සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන්ද ඉහල දායකත්වයක්ද සපයා තිඛෙනවා.

2017 ඔක්තෝබර් 11 වන දින සුභ නැකතින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේ්‍්‍යෂ්ඨ කථිකාචාර්ය දුනුසිංහ ජී. ධර්මරත්න මහතා අතින් පන්තිකාමර දෙකක් සහ පරිගණක කාමරයක් සහිත ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුනේ නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුතක් තලාවේගම කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට උරුම කරමිනි. මෙම අවස්ථාවට ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙනුවෙන් එස්.ඩි.සි.ගුණවර්ධන මහතා,ඒ.කේ.වයි. යටිගම්මන මහතා,ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රසික දෙව්න්දර මහතා,අචින්ත ඒකනායක මහතා,දීපිකා මෙනවිය, රිදීමාලියද්ද කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමා, පාසලේ විදුහල්පතිතුමා, කළමනාකරණ අධ්‍යයනපීඨ 2012රැ13 කණ්ඩායමේ නායක තුෂාර මධුසංඛ ශිෂ්‍යයා,ප‍්‍රධාන සංවිධායක තාරක කුමාර ශිෂ්‍යයා, එම කණ්ඩායමේ අනෙකුත් සිසු සිසුවියන් ඇතුලු ගම්වාසීන් එක්ව සිටියා.
වත්මන් සරසවි සිසුවා පිළිබද සමාජයේ විවිධ මතවාදයන් හා ඔවුන් දෙස බලන කෝණ නිර්මාණය කර තිබුණධ සැබෑ මිනිස්කම / සහෝදරත්වය හා ධෛර්යය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ සබරගමු සරසවි සිසුන්ට සමාජයේ නිසි ගෞරවය නිසැකවම හිමිවිය යුතුය. සබරගමු සොයුරු සොයුරියනි ..ඔබට අපගේ ආචාරය…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial