තවත් ඇත් දළ යුගලක් සමග 3න් දෙනකු අත්අඩංගුවට

අනුරාධපුරය – තන්තිරිමලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
රුපියල් ලක්ෂ 50 කට ඇත් දළ යුගලයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට අනුරාධපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව සිදුකළ විමර්ශණයේදී මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්ණ කිරීම්වලදී ලැබුනු තොරතුරුවලට අනුව අනෙක් සැකකරුවන් කොටුකරගෙන තිබුණා.
ඒ අනුවයි තන්තිරිමලේ ප්‍රදේශයේ සගවා තිබූ ඇත්දළ යුගල සොයාගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් අඩි 4 යි අගල් 4 ක් දිගින් යුක්ත වන අතර අනෙක් ඇත් දළය අඩි 4 යි අගල් 3 ක පමණ දිගින් යුක්ත වනවා.
සැකකරුවන් සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *