Press "Enter" to skip to content

තවත් නඩු 4කින් මන්ත්‍රී ජොන්ස්ටන් නිදහස්


අමාත්‍යවරයකු ලස කටයුතු කළ කාල වකවානුව තුල සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් අද ඉල්ලා අස්කර ගත්තා.
ඒ අනුව මන්ත්‍රීවරයා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ.

මෙම නඩු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට නියම කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න