තවත් පිරිසක් විපක්ෂයට ගෙනියන්න 16 කල්ලියෙන් මෙහෙයුමක්

අමාත්‍ය ධූරවලින් ඉවත්වූ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා මැයි 08 වනදා විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එදිනට තවත් මන්ත්‍රී පිරිසක් ඔවුන් සමග විපක්ෂයට ගෙන යාම සදහා වන මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.
ඒ අනුව විශ්වාසභංගයේදී ජන්දය භාවිතයෙන් වැලකුණු නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 25 දෙනා අතරින් පිරිසක් සමග ඔවුන් සාකච්ජා සිදුකර ඇති බවද අනාවරණ වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ නියත වශයෙන්මවිපක්ෂයේ අසුන් ගැනීමට නිදහස් පක්ෂයේ තවත් පිරිසක් එක්වන බවයි.
ඊට පෙර ජනාධිපතිවරයා හා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ගනු ඇතැයිද මන්ත්‍රීවරයා විශ්වාසය පල කරනවා.