තවත් මත්කුඩු කිලෝ 5.5 ක් අත්අඩංගුවට


සාම්පූර් ඉලක්කන්ද ප්‍රදේශයේ වෙරළේ දමා ගොස් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 5යි දශම 5ක් පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.
පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ කිසියම් පාර්ශවයකට ලබා ගැනීම වෙනුවෙන් මෙම මත්කුඩු එම ස්ථානයේ තබා ගොස් ඇතැයි සැකකරන බවයි.
මෙම මාසය තුල අවස්ථා රැසකදී මේ ආකාරයෙන් විශාල මත්කුඩු තොග කිහිපයක්ම අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.