තානාපති ASP ගෙදර යවන්න / හරීන් ජනපතිගෙන් ඉල්ලයි

දිගින් දිගටම එල්ලවන චෝදනා හේතුවෙන් කටාර් හී ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා එම තනතුරෙන් ඉවත් කරන්නැයි විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තානාපතිවරයාගේ හැසිරීමෙන් එරට වෙසෙන ලාංකිකයින් ගැටලු රැසකට පත්ව ඇති බවට ලැබෙන පැමිණිලි හේතුවෙනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
කටාර් හී පවත්වාගෙන යන ශ්‍රී ලංකා පාසල තුලද අර්බුධ මතුකර එය අඅකර්මණය කළ බවටයි ලියනගේ මහතාට චෝදනා එල්ල වුණේ.
ඒ නුව කඩිනමින් ඔහු ඉවත් කනර සුදුස්සකු පත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිට තිබෙනවා.