තායිවාන බැංකුවෙන් ලංකාවට පැන්නූ කෝටි 20 සොයාගනී

සයිබර් ප්‍රහාරයක් එල්ල කර තායිවාන බැංකුවකින් සොරාගෙන මෙරටට ගෙන එන ලද ඩොලර් මිලියන 1.3ක මුදල යළි සොයාගෙන තිඛෙනවා.
සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම මුදල සොයාගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ.
මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා ජාත්‍යන්තර විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මකයි.
තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ස්විෆ්ට් පද්ධතියට අනවසරයෙන් පිවිස එම බැංකුවේ ගිණුම්වලින් ඩොලර් මිලියන 60කට ආසන්න මුදල් අමෙරිකාව / කාම්බෝජය සහ ශ්‍රී ලංකාවට යොමුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
මෙරටට මුදල් යොමු කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් දෙදනකු මේ වන විට පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21