තායි ලෙනේ සිසුන් බේරේ / ගලවා ගැනීම අවසන්

තායිලන්තයේ පොලව පත්ලේ ලෙනක සිරව සිටි පාපන්දු කණ්ඩායමක සිසුන් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරු ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා.
ඒ දින 18 කට පසුවයි.
ඊයේ සහ පෙරේදා දිනයේදී සිසුන් 8 දෙනකු මුදා ගැණුනු අතර අද දිනයේදී තවත් 5 දෙනකු මුදාගත් බවයි බී බී සී පුවත් සේවය වාර්තා කළේ.
එම පිරිස මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
මෙම මෙහෙයුම ලෝක ඉතිහාසයේ සුවිශේෂතම මුදා ගැනීමේ මෙහෙයුමක් ලෙසයි නම්වන්නේ.
ඒ පොලව මට්ටමේ සිට සැතපුම් භාගයකට ආසන්න දුරකින් පොලව පත්ලේ ජල මට්ටමකින්ද පහළ පිහිටි උස් බිමක ඔවුන් සිරව සිට බේරා ගැනීම හේතුවෙනුයි.
මෙම සිසුන් හා පුහුණුකරු ජලයේ ඉහළට ගෙන ආවද ඔවුන් කිසිදිනක පිහිනුම් පුහුණුවක් ලබා නොතිබීමද විශේෂත්වයක්.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී තායිලන්තයේ හිටපු නාවික කිමිදුම්කරුවකු මිය ගිය අතර ඔහු මේ වන විට වීරයකු ලෙස නම් කර තිබෙනවා.