You are here
Home > ගොසිප් > තායි ලෙනේ සිසුන් සිරවීම ගැන රහසක් හෙළිවෙයි

තායි ලෙනේ සිසුන් සිරවීම ගැන රහසක් හෙළිවෙයි

තායිලන්තයේ ලෙනක් තුළ සති දෙකක කාලයක් පුරා සිසුන් පිරිසක් හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරව සිටීම සම්බන්ධයෙන් සැගවුණු තොරතුරු කිහිපයක් අනාවරණවී තිඛෙනවා.
සිද්ධියට මුහුණ පෑ දරුවකුගේ මවක විසින් මේ බව හෙළිකර ඇත්තේ ලන්ඩනයේ ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පුවත්පතටයි.
ඒ අනුව දරුවන් හා පුහුණුකරු ලෙන තුලට ගොස් ඇත්තේ ඔවුන්ගේ ආධ්‍යාත්මික උපදේශකවරයා වන පුහුණුකරු විසින් ලබා දුන් උපදෙස් අනුව බවයි මෙහිදී අනාවරණ කර ඇත්තේ.

කණ්ඩායමේ ශක්තිය වර්ධනයවීම සදහා ලෙන තුල දින කිහිපයක් ගත කරන ලෙස ඔවුන්ට උපදෙස් ලැබීඇති බවත් එහිදී මුහුණපෑමට වන උවදුර ධෛර්්‍යයවන්තව දරා ගැනීමෙන් කණ්ඩායමේ ශක්තිය වර්ධනය වනු ඇති බවටත් එහිදී උපදෙස් හිමිව තිබූ බවද එම කාන්තාව අනාවරණ කර තිඛෙනවා.

ලෙන තුල සිරවූ කිසිදු දරුවකු හැඩීමකින් තොරව ඉවසීමෙන් ඊට මුහුණදුන් බවම මෙම උපදේශයට සාක්ෂි සපයන බවද එම පුවත්පත හෙලිකරනවා.

මෙසේ ලෙන තුල සිරවූ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වසර 12ක් භික්ෂුවක් ලෙස කටයුතු කිරීමෙන් පසුවයි මෙම පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්ව සිටින්නේ.
ඔහු විශේෂ ආධ්‍යාත්මික හැකියාවන්ගෙන් යුක්ත අයකු බවද මෙම වාර්තාවෙන් අනාවරණ කර තිඛෙනවා.

Top