තේ තහනම ගැන පුටින් හා සාකච්ජා කරනවා / ජනපති කියයි

මෙරට තේ ආනයනය සීමා කිරීමට රුසියාව ගත් තීරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති විලැද්මියර් පුටින් මහතා සමග සෘජුව සාකච්ජා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද දියතලාවේදී පැවැති උත්සවයක් අමතමින්.
මෙම සාකච්ජා සදහා අද රාත්‍රියේ අමාත්‍යවරුන් 3න් දෙනකු රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.
රුසියාව විසින් මෙරට තේ ආනයනය සීමා කරනු ලැබුවේ කෘමියකු එම තේ තොගයක සිටීම මුල් කරගෙනයි.
ඒ අනුව අදාළ තහනම හෙට සිට බලාත්මක වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *