දකුණු අප්‍රිකාවට 307 ක(39) ඉලක්කයක් / තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා පිතිකරණයෙන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් 4 වන එක්දින තරගයේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්වුණා.
ඒ අනුව පන්දුවාර 39 කින් යුතු තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 306ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.
එහිදී ශ්‍රී ලංකා පිලේ 7 වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 109 ක සබදතාවයක් වාර්තා කිරීමට දසුන් ශානක හා තිසර පෙරේරා සමත් වුණා.
දසුන් ශානක පන්දු 34කදී ලකුණු 65 යි.
තිසර පෙරේරා නොදැවී ලකුණු 51 යි.
කුසල් ජනිත් පෙරේරා පන්දු 32කදී ලකුණු 51 ක් රැස් කළා.
උපුල් තරංග ලකුණු 36ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 34ක් ලබා ගත්තා.
ඇන්ජලෝ මැතිවුස් ලකුණු 22යි.
මේ වන විට දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා මතුව තිඛෙනවා.
මේ වන විට දකුණු අප්‍රිකාව පන්දුවාර 2කදී කිසිවකු නොදැවී ලකුණු 21ක් රැස් කරගෙන සිටිනවා.