දකුණු අප්‍රිකාව පරදා ලංකාවට සුපිරි ජයක්

සුපිරි දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 278 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ ගාල්ල අන්තර්ජාතික පිටියේ පැවැත්වුණු තරගයේ දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 73 කට සීමා කරමින්.
තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 287 යි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 යි.
කගිසෝ රබාඩා ලකුණු 50 ට කඩුලු 4යි.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 126 යි.
ඩ ප්ලෙසිස් ලකුණු 49 යි.
දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් හා සුරංග ලක්මාල් කඩුලු 3ක් දවාගත්තා.
ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 160යි.
දිමුත් කරුණාරත්න ලකුණු 60 යි.
කේශව් මහාරාජ් කඩුලු 4යි.
ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 347 ක ඉලක්කයක් හිමිවුවද එහිදී ලකුණු 73 කට දකුණු අප්‍රිකානු ඉනිම සීමාවුණා.
දිල්රුවන් පෙරේරා ලකුණු 32 ට කඩුලු 6යි.
රංගන හේරත් කඩුලු 3යි.