දකුණු කොරියාවේ ලාංකිකයන්ටත් අවවාදයක්

දකුණු කොරියාවේ මේ වන විට බොහෝ දෙනා පාපැදි තමන්ගේ එදිනෙදා ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නවා..වැඩි දුර ප්‍රමාණයක් නොමැති තම කර්මාන්තශාලාවට..අසල වෙළදසැල් වලට මෙන්ම සති අන්තයේ යහළුවන් සමග විනෝදගමන් යාමටද අද බොහෝ කොරියානු ජාතිකයන් මෙන්ම විදේශිකයන්ද පාපැදිය භාවිතයට හුරු වෙලා..තම සෞඛ්‍යය තත්වය නගා සිටවීම උදෙසා ශාරීරික ව්‍යායාමයක් ලෙස බොහෝ දෙනා පාපැදි පැදීමට කැමැත්තක් දක්වනවා..
පසුගිය කාලයේ බීමතින් පාපැදි පැදවීම නිසා ද අනතුරු ඇති වී ඇති අතර ඉදිරියේදී ශීත කාළගුණය පහව යාමත් සමගම මේ තත්වය තවත් වැඩි විය හැකිය. ඒ සදහා ක්‍රියාමාර්ගයක් ලෙස මේ වසරේ නව වෙනි මස සිට බීමතින් පාපැදි පදවන්නන්ට කොරියානු රජය මගින් දඩයක් නියම කර තිබෙනවා..මෙසේ බීමතින් පාපැදි පදවා කොරියානු පොලීසියට හසු වුවහොත් කොරියන් වොන් ලක්ෂ 2ක දඩයක් නියම වන බව අද ප්‍රකාශ කර තිබෙනවා..
කොරියාවේ ශ්‍රී ලාංකික පාපැදි ධාවනය කරන ඔබත් මේ පිළිබද සැලකිලිමත් වෙන්න 🚲🚲

https://www.facebook.com/apemahagedara123/videos/1786461818315557/
කොරියා ලංකා සංසඳය
කොරියාවේ අපේ මගගෙදර


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.