දකුණු කොරියාවේ ශ්‍රමිකයින්ගේ සේවා කාලය අඩු කෙරේ

දකුණු කොරියාවේ ශ්‍රමිකයින් සදහා වන සතියක වැඩ කාලය පැය 68 සිට පැය 52 දක්වා පහත හෙලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවාඩු දිනවලදී සේවය කිරීම වෙනුවෙන් සාමාන්‍ය වැටුප මෙන් සියයට 150ක වැටපක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.එම දිනවල පැය 8කට වඩා වැඩ කිරීම සියයට 200ක එදින වැටුප් ලැබීමට හේතුවක් ලෙසයි නම් කර ඇත්තේ.
මෙය අධියර 3ක් ඔස්සේ බලාත්මක වන බවයි දකුණු කොරියානු රජය නිවේදනය කරන්නේ.
ඒ අනුව සේවකයින් 300ට වැඩි ආයතනවලට මෙම නියමය ජූලි 01 වනදා සිට අදාළ වනවා.
සේවකයින් 50 ත් 300 ත් අතර ආයතන සදහා මෙය බලපැවැත්වෙන්නේ 2020 වසරේ සිටයි. සේවකයින් 50ට අඩු ආයතනවල සේවකයින්ට 2021 වසරේ සිට සේවා කාලය අඩු කිරීමේ වාසිය හිමිවනවා.