You are here
Home > ආසන්න-පුවත් > දරණාගම කුසලධම්ම නාහිමියන් අපවත් වෙයි

දරණාගම කුසලධම්ම නාහිමියන් අපවත් වෙයි

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය  දරණාගම කුසලධම්ම නාහිමි අපවත් වී තිබෙනවා.කෙටි කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ අපවත්වූයේ අද අලුයමයි.1963 ජුලි මස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන් වහන්සේ අපවත්වන විට 54 වියේ පසු වුණා.
ශාසනික සේවා රැසක් සිදු කර ඇති උන් වහන්සේ මෙරට පළමු 24 පැය ක්‍රියාත්මක වන බෞද්ධයා රූපවාහින නාලිකාව ආරම්භ කිරිමෙහිලා පුරෝගාමීව කටයුතු කළා.
ඒ හරහා මෙරට බෞද්ධ පුනර්ජිවනය ඇති කිරිමට විශාල මෙහෙවරක් සිදු කළ උන් වහන්සේ හට රාමඤ්ඤ මහා නිකාය විසින් සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ සම්මානය ද පිරිනමා තිබෙනවා.
විදෙස් රටවල ද බෞද්ධ ජනතාවගේ ගෞරවයට ප්‍රප්ත වූ උන්වහන්සේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ධුරයේ ද කටයුතු කරනු ලැබුවා.
Top