දරුණු පරාජයකින් ලංකාව ආසියානු කුසලානයෙන් ඉවතට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්ව යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ ලකුණු 91 ක පරාජයක් ලැබීම සමගයි.
මෙය එක්දින තරගයකදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයවූ පළමු අවස්ථාවයි.
එසේම ආසියානු කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පකිස්ථානය හා ඉන්දියාව සමග තරග වැදීමෙන් තොරව තරගාවලියෙන් ඉවත්ව ගිය පළමු අවස්ථාවද මෙයයි.
මෙම තරගයේ ප්‍රථඛමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 249 ක් රැස් කළා.
රහමත් ෂා ලකුණු 72 යි.
තිසර පෙරේරා කඩුලු 5ක් හා අකිල ධනංජය කඩුලු 2ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 41 යි පන්දු 2කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 158 ක් පමණයි.
උපුල් තරංග ලකුණු 36 යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *