දරුවාගේ අමතර පන්තිවලට මාසයට 65,000 යි / මන්ත්‍රී දයාසිරි කියයි


තම දරුවාගේ මාසික අමතර පංති සදහා පමණක් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සදහන් කළා.
මන්ත්‍රීවරයා කියා සිටියේ ටියුෂන් පන්ති හේතුවෙන් පාසල් සිසුන්ට නිදහස අහිමිවන තත්ත්වයක්ද මේ වන විට උදාවී ඇති බවයි.
පාසල් දරුවන්ට උදෑසන පාසල් යාමට හා සවස් වරුවේ අමතර පන්ති යාමට සිදුව ඇතැයිද දයාසිරි ජයසේකර මහතා කියා සිටියා.
1977 න් පසු ඇතිවූ සමාජ තත්ත්වය මත මෙම අර්බුධය නිර්මාණය කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය ඊට විසදුම් ලබාදිය යුතු බවටයි මන්ත්‍රීවරයා අදහස් පල කළේ.
ඒ අනුව ටියුෂන් පන්ති ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට බදවා ගැනීම හෝ වෙනත් විකල්පයක් අනුගමනය කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.