දැන් සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න / නව රජයට ඉල්ලීමක්

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නව රජය විසින් අහෝසි කරනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් හරිත අලුත්ගේ මහතා මේ බව සදහන් කළේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙම ගිවිසුමේ පවතින අවාසි සහගත තත්වයන් සම්බන්ධව පසුගිය කාලය පුරා ඒකාබද්ධ විපක්ෂය ගෙනගිය කරුණු දැක්වීම් අනුව නව අග්‍රාමාත්‍යවරයා යටතේ එම ගිවිසුම අහෝසි කරනු ඇතැයි අපේක්ෂා කරන බවද හරිත අලුත්ගේ මහතා මෙහිදී සදහන් කළා.
මෙම කරුණු ඇතුළත් ලිපියක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *