දැරණියගලටත් කොටියෙක් ඇවිත්

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බස්‌නාගල මහතැන්න, නූරිය, මාරාවහේන, පොල්ගස්‌වත්ත ආදී ප්‍රදේශවල මේ දිනවල සැරිසරන කොටියකු ප්‍රදේශයේ සුනඛයින් හා ඌරන් මරා කන බවත් මෙම තත්ත්වය හමුවේ තමන් දැඩි භීතියට පත්ව ඇති බවත් ජනතාව පවසනවා.
පොල්ගස්‌වත්ත, බස්‌නාගල ආදී ප්‍රදේශවල ගම් වැසියන් මේ දිනවල නිවෙස්‌වල දොරගුලු දමාගෙන නිවස තුළම සිරවී සිටින බවයි ප්‍රකාශ වන්නේ.
මෙම භයානක අනතුර හමුවේ වතුවල සේවය කරන කම්කරු ජනතාව රාජකාරියේ යෙදීම මේ වනවිට අඩපණ වී ඇති අතර ජීවිතය පරදුවට තබා රැකියාවල නිරත වීමට නොහැකි බව වතු කම්කරුවන් පවසනවා.
දැරණියගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඒ. කේ. දේවප්‍රිය මහතා කියා සිටියේ එම තොරතුරු එම ප්‍රදේශයෙන් ලැබුණ වහාම වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා මේ වනවිට පරීක්‌ෂණ ආරම්භ කර ඇති බවයි.
එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම නිලධාරීන් පැමිණෙන අවස්‌ථාවල කොටියා හමු නොවුණ බවත් නිරන්තරයෙන් මෙම කොටියා රාත්‍රි කාලයේ ගැවසෙමින් මෙලෙස වල් ඌරන්, සුනඛයින් දඩයම් කිරීමේ නිරත වන බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *