You are here
Home > ආසන්න-පුවත් > දැරියක් අලෙවි කළ ලිදුල නගරාධිපති හා මන්ත්‍රීවරයකු රිමාන්ඩ්

දැරියක් අලෙවි කළ ලිදුල නගරාධිපති හා මන්ත්‍රීවරයකු රිමාන්ඩ්

අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිඳුල නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරයෙකු ලබන 6 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

2017 වසරේදී පෝටිමෝර් වත්ත අගරපතන ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 05ක දැරියක මෙසේ පැහැරගෙන ගොස් මුදලට විකිණිම සිදුකර ඇතැයි නුවරඑළිය පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

 සිද්ධියට අදාළ දැරියගේ මව සහ දැරිය හදා වඩා ගැනීමට මුදලට ලබාගත් අඹු සැමි යුවළද ස්ථානයට පැමීණිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Top