You are here
Home > ආසන්න-පුවත් > දිගන සිද්ධියට මහසොහොන් බලකායේ ලොක්කා යළි රිමාන්ඩ්

දිගන සිද්ධියට මහසොහොන් බලකායේ ලොක්කා යළි රිමාන්ඩ්

මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය මාර්තු මාසයේ හටගත් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 28 දෙනකු මැයි 28 වනදා තෙක් අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරුවන් අද තෙල්දෙණිය හා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මෙම සිද්ධියේදී දේපල හානි රැසක් මෙන්ම ජීවිත හානි කිහිපයක්ද වාර්තා වුණා.
සිද්ධියට අදාළව 300කට ආසන්න පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැණුන අතර ඉන් වැඩි පිරිසක් ඇප මත මුදා හැර සිටිනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top