You are here
Home > ප්‍රධාන-පුවත් > දින 50 කට පසු සරසවි අද සිට යළි ඇරෙයි

දින 50 කට පසු සරසවි අද සිට යළි ඇරෙයි

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් දින 50 කාලයක් අක්‍රියව තිබූ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය අද සිට සාමාන්‍ය තත්ත්වයට පත්වනවා.
ඒ අනුව අද සිට විශ්ව විද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව සිය වෘත්තීය සමිතියේ සියලු සාමාජිකයින්ද අද සිට සේවයට වාර්තා කරන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සදහන් කළේ.
පසුගිය අලුත් අවුරුදු සමයේ සිට මේ දක්වා වසකර කාලය තුල මෙරට වෛද්‍ය පීටවල අධ්‍යාපන කටයුතු සිදුකර ඇත්තේ මාස 2ක් පමණක් වනවා.
ඒ සයිටම් අර්බුධය හේතුවෙන් සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීම හා අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙනුයි.

Top