You are here
Home > ආසන්න-පුවත් > දියුනු රටක් ලෙස පෙරට යමු / අගමැතිගෙන් සුබ පැතුම්

දියුනු රටක් ලෙස පෙරට යමු / අගමැතිගෙන් සුබ පැතුම්

2018 වසර එළඹෙනුයේ දිගුකාලීන ජනතා අපේක්ෂා ජය ගනිමින් අප ලැබූ සමාජ, දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කරගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය නැවත නැවතත් සිහිගන්වමිනියි නව වසරට සුබ පතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ:

යහපාලන රජය පිහිටුවන මොහොත වන විට රට තුළ විශාල සමාජ, ආර්ථික, දේශපාලන පිරිහීමක් පැවති අතර, දැඩි දුෂ්කරතා මැද වුව තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයක් කරා යෑමට අපි කටයුතු කළෙමු.

ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, අන්තර්ජාතික වශයෙන් අප රට පිළිබඳ පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලි වාතාවරණයක් ගොඩනැඟීම සඳහාත් ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කළෙමු. ඒ කටයුතු සාර්ථක කරගන්නට මේ වන විට අපට හැකි වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදි, සදාචාරසම්පන්න, දියුණු රටක් ලෙස ඉදිරියට යෑම සඳහා අප රජය මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙළට සහාය දුන් සැමට කෘතවේදි වන අතර, වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට මේ වසර තුළද ඔබ අප සමඟ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරමු.

2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටු වන, ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනය කරමු.

Top