දිල්ලියේ මහල් 6ක ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් අතුරුදන්


ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් 6 ක ගොඩනැගිල්ලක් කඩා වැටී තිඛෙනවා.
එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කළේ අනතුරින් 3 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවයි.
ඒ අතරට එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පෙර පාසලක් හා එහි සිසුන්ද වන බවයි සැලකෙන්නේ.
කඩා වැටුනු ගොඩනැගිල්ල තවත් ගොඩනැගිල්ලක ගැටීම හේතුවෙන් ඊටද හානි සිදුව තිඛෙනවා.
ඒ වන විට දෙවන ගොඩනැගිල්ලේ පවුල් 18 ක පිරිසක් රැදී සිටි බව සදහන්.
මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු හා තවත් 3 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සෝදිසි මෙයෙහයුම් කණ්ඩායම්වල සාමාජිකයින් 400ක් විපතට පත්වූවන් ඛේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.