දිවයිනට බටහිරින් සුළි කුණාටුවක් / සුළගේ වේගයත් ඉහළට

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර 300ක් පමණ බස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේදී මෙය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැ.කි.මී. 60 – 70 පමණ විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 – 150 පමණ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර සුළඟේ වේගය පැ.කි.මී. 90 – 100 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *