දිස්ත්‍රික්ක 3කට නායයාමේ අවධානමක්

පවත්නා කාලගුණ තත්ත්වය සමග දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ නුවරඑළිය , රත්නපුර හා ගම්පහ දිස්ත්‍රික්කවලට මෙම අවධානම පවතින බවයි.
මිලිමීටර 100 ඉක්මවූ වැසි පවතින්නේ නම් එම දිස්ත්‍රික්කවලට ගල් පෙරලීමේ / කදු කඩා වැටීමේ හා නායයාමේ අවදානමක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.