දුම්රිය තුල වෙළදාම තහනම්

දුම්රිය තුළ වෙළඳාම් කිරීමට යළි කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස් එම් අබේවික්‍රම මහතා අවධාරණය කරනවා.
අනවසර වෙළෙඳාම් හේතුවෙන් දුම්රිය මගින්ට සිදුවන හිරිහැර හා ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳ සලකා බලා මෙම තීරණය ගෙන තිඛෙනවා.
අනවසර වෙළෙඳුන් විසින් දුම්රියේ අලෙවි කරන ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිත මෙන්ම ප්‍රමිතියෙන් බාල වන අතර දුම්රිය තුළ සිදු කෙරෙන සොරකම්වලට ඇතැම් අනවසර වෙළෙඳුන්ගේ සබදතාවයක් පවතින බවයි අනාවරණවී ඇත්තේ.
මේ කරුණු සැළකිල්ලට ගනිමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත දුම්රියේ අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇති අතර එය දැඩිව ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial