දුම්රිය රියදුරන්ගේ වැටුප ලක්ෂ 2 පන්නයි / ඒත් මදිලු

දුම්රිය රියදුරකුගේ දීමනා සහිත සාමාන්‍ය වැටුප රුපියල් දෙලක්ෂය ඉක්මවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අඛේසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ එවන් තත්ත්වයක් තුල දුම්රිය රියදුරන්ගේ වැටුප් වැඩි කළහොත් රාජ්‍ය සේවයේ තවත් අංශ 28 ක සේවකයින්ට වැටුප් වැඩි කළ යුතු බවයි.
ඒ අනුව වර්ජකයින්ට අවශ්‍ය පරිදි වැටුප් වැඩිකිරීමට නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අඅවධාරණය කළේ.
දුම්රිය ස්ථනාධිපතිවරයකු සාමාන්‍යයෙන් රුපියල් 165,000 ක පමණ වැටුපක් ලබන අතර ඔවුන්ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම ගැටලුකාරී වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.