දුමින්දට ශ්‍රීලනිප මහලේකම් ධූරය නැතිවෙයි/ නව ලේකම් ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කර තිබෙනවා.
ඒ ඔහු මෙතෙක් දරන ලද නිදහස් පක්ෂ මහලේකම් ධූරය වෙනුවටයි.
ඒ අනුව නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්යය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි.

මේ අතර නිදහස් පක්ෂයේ තාවකාලික භාණ්ඩාගාරික ධුරය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *