දූෂිතයින්ට ඉක්මනින් දඩුවම් / අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නීතිය ඉදිරියේ දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
එහි දැක්වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කෙතරම් එරෙහි වුවද අධිකරණ සංවිධාන පනත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බවයි.
ඒ අනුව අධිකරණ කටයුතු ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙනයාමට හැකියාව පවතින බවද වික්‍රමසිංහ මහතා අවදාරණය කර තිබෙනවා.