දෙසැම්බර් 10 එජාප ආණ්ඩුවක් ?

2019 අය වැය යෝජනාවලිය සම්මත කර ගැනීමෙන් පසු බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් බිහිවීමේ වැඩි ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා හෙළිකරන්නේ නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසකගේ හා දෙමල ජාතික සන්ධානයේද සහාය නව ආණ්ඩුවකට හිමිවනු ඇති බවයි.
ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය සමග දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම දුෂ්කර බව එජාප මැති ඇමැතිවරුන් දැඩිව අදහස් දැක්වීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවද එම වාර්තා හෙලිකරනවා.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 106 ක් පවතින අතර ඉන් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හැර බහුතරයක්ම නව ආණ්ඩුවක් වෙනුවෙන් එකගතාවය පල කර ඇති බවයි හෙළිවන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය පෙන්වීමේ හැකියාව සහිත එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි මීට අදාළ සාකච්ජාවලදී ප්‍රකාශවී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *