දේදුන්නක් වැනි පිහාටු සහිත ඩයිනසෝර පොසිලයක් හමුවෙලා

පළමුවරට වරණවත් පිහාටු වැනි සාධක ද සහිතව ඩයිනසෝර පොසිලයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා.
මීට පෙර දහස් සංඛ්‍යාත ඩයිනසෝර පොසිල හමුව තිබුණධ දේදුන්නකට සමාන වර්ණ පිහාටු සහිත පොසිලයක් හමුවුූ මුල්ම අවස්ථාව මෙයයි.
මෙම ඩයිනසෝරයා පක්ෂියකුට සමාන සත්ත්වයකු බවයි චීන පර්යේෂකයින් පවසන්නේ.
පොලවේ තැන්පත්ව තිබූ මෙම පොසිලය ඉතා සුරක්ෂිතව පවතින අතර එය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂාවට ලක් කෙරෙනවා.
මෙම සාධක අනුව අතීතයේ වාසය කළ ඩයිනසෝරයන් අතර අලංකාර සතුන්ද සිටි බවටයි පුරාවිද්‍යාඥයන් උපකල්පනය කරනු ලබන්නේ.

Fossils of 'iridescent' dinosaurs with rainbow feathers discovered