You are here
Home > ක්‍රීඩා-පුවත් > දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් කනවා / මුරලිදරන්

දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් කනවා / මුරලිදරන්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනඥයන් විසින් විනාශ කරමින් පවතින බව ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි දග පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා අවස්ථාව ලබා ගැනීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇදුම හැදීම ගෞරවයක් විය යුතු වුවද එහි අභිමානයද මේ වන විට අහිමි කර ඇති බවටයි මුරලිදරන් චෝදනා කරන්නේ.
පසුගිය වසරක කාලය තුල පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ක්‍රීඩකයින් 60 දෙනකු අත්හදා බලා ඇති බවත් එයින්ම මෙම වැඩපිළිවෙලේ අසාර්ථකත්වය පැහැදිලි වන බවත් මුත්තයියා මුරලිදරන් මෙහිදී සදහන් කර තිබෙනවා.
තමන් ජාතික පිලට පැමිණි පසු එක්වරම විශිෂ්ට පන්දු යවන්නකු නොවූ බවත් බොහෝ දෙනකු තමන්ට ධෛර්්‍යයක් වූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග / අරවින්ද ද සිල්වා / වැනි ජ්‍යෙෂ්ටයින් තමන් ආරක්ෂා කළ බවයි මුරලිදරන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අද වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට එවන් රැකවරණයක් නොමැති අතර අසාර්ථකවුවහොත් කණ්ඩායමෙන් ඉවත දැමීමේ අවධානම එම ක්‍රීඩකයින් සතු බවයි ජ්‍යෙෂ්ට ක්‍රීඩකයා පවසන්නේ.
2011 දක්වා ඉන්දියාවේදී ඉන්දියාව පරදවමින් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ශ්‍රී ලංකා පිලේ අද ඉරණම ශෝකජනක බවයි මුරලිදරන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද අවම දැනුමක් හෝ නොමැති පරිපාලකයින් ක්‍රීඩාව විනාශ කරන බවද සුපිරි දග පන්දු යවන්නා මෙහිදී සදහන් කර තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top