You are here
Home > ප්‍රධාන-පුවත් > දේශපාලනය ස්ථාවර නැත්නම් ආර්ථික වර්ධනය අඩුවෙයි / ලෝක බැංකුව

දේශපාලනය ස්ථාවර නැත්නම් ආර්ථික වර්ධනය අඩුවෙයි / ලෝක බැංකුව

අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට ශ්‍රී ලංකාව අසමත්වුවහොත් මෙරට ආර්ථිකයට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අසීරු වනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
ලෝක බැංකුව නිවේදනය කරන්නේ ඒ අනුව මෙම වසරේ මෙරට ආර්ථිකයේ වර්ධනය සියයට 4යි දශම 5ක් පමණක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් මෙම වසරේදී හිමිකරගත හැකි බවයි.
එහෙත් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හා දේශපාලන ස්ථාවරභාවයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත් නොවන්නේ නම් ආර්ථික වර්ධනය පසුපසට ගමන් කළ හැකි බවටයි එම වාර්තාවෙන් කරුණු දක්වා ඇත්තේ.
පසුගිය වසර 3තුල ඩොලරයට සාපේක්ෂව රුපියල වප්‍රමාණයවීමද මෙහිදී විශේෂිත අවධානයට ලක් කර තිබෙනවා.

Top