දේශපාලන ව්‍යාපාරික අතපෙවීම් නිසා ක්‍රීඩකයින්ට ක්‍රීකට් එපාවෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම සුපිරි ක්‍රීඩකයින් දෙපලක් වන රොෂාන් මහනාම හා මුත්තයියා මුරලිදරන්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මුරලිදරන් පවසන්නේ කූට අරමුණු වෙනුවෙන් කරන ඉල්ලීම් පිළිගත නොහැකි බවයි.

ඊයේ දිනයේදී සුපිරි පිතිකරු මහේල් ජයවර්ධනද ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙම ඉල්ලීම් පිළිබද විශ්වාසය තැබීම අපහසු බවයි.අතීතයේදී එවන් උත්සාහයන් සදහා තමන් සහාය දුන්නද ඒවා යථාර්ථයක් නොවු බවයි ඔහු පවසන්නේ.

මේ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුවූ රොෂාන් මහනාමද අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් උපරිම සහාය දුන්නද දේශපාලන මැදිහත්වීම් වෙනුවෙන් එවන් සහායක් ලබාදිය නොහැකි බවයි.

2000 වසරෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලකයින් හා කූට ව්‍යාපාරිකයින්ගේ පාපන්දුවක් වැනි වූ අතර ඒ හේතුවෙන් ක්‍රීඩකයින්ට අසාධාරණකම් රැසක්ද සිදුව තිබුණා.ඒ අනුව අද පවතින්නේ පිරිහීගිය ක්‍රිකට් තත්ත්වයක් වීමේ වගකීම භාරගත යුත්තේ ක්‍රිකට් පරිපාලනය දැරී එම ව්‍යාපාරිකයටින් හා දේශපාලකයින් වනවා. එවන් තත්ත්වයකදී මෙම සුපිරි ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රශංසනීය තත්ත්වයක් ලෙසයි ලංකා ඒ නිවුස් සලකනු ලබන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *