You are here
Home > ගොසිප් > ධනවත්ම මිනිසාට තවත් සල්ලි වැස්සක්

ධනවත්ම මිනිසාට තවත් සල්ලි වැස්සක්

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් ඛෙසොස් ඊයේ දිනය වන විට වාර්තාගත ධනයකට හිමිකම් කීමට සමත්ව සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම ධනයක් හිමි පුද්ගලයා බවට පත්වෙමිනුයි.
ඒ අනුව ඔහු සතු වත්කම ඊයේ දිනයේදී දැක්වුණේ ඩොලර් බිලියන 150ක් ලෙස වන අතර එවන් ධනයක් හිමිකරගත් ලොව පළමු තැනැත්තා ඔහුයි.
එසේම ලෝව ධනවත්ම මිනිසා හා දෙවන ධනවත්ම මිනිසා අතර වඩිම පරතරයක් සහිත දිනය බවටද ඊයේ දිනය පත්වුණා.

ඒ දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඩොලර් බිලියන 55ක වැඩි වත්කමක් ජෙෆ් ඛෙසොස් සතුවීම හේතුවෙන්.
මේ වන විට බිලග් ගේට්ස් සතු වත්කම ඩොලර් බිලියන 95 ක්.
කෙසේ වෙතත් මෙම වසර ඇරඹෙණ විට ඛෙසොස්ගේ වත්කම දැක්වුනේ ඩොලර් බිලියන 98ක් ලෙසයි.
එය මාස 7ක් තුල ඩොලර් බිලියන 52කින් වැඩිවී තිබීම විශේෂත්වයක්.

Top