ධනුෂ්කගෙන් පුවත්පතකට එන්තරවාසියක්

තමන්ට අපහාස වන පරිදි අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීමේ චෝදනාව එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක විසින් සිය නීතීඥවරයා මාර්ගයෙන් ද අයිලන්ඩ් පුවත්පතට එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
ඒ එම පුවත්පත විසින් පසුගියදා ධනුෂ්ක ගුණතිලක තවත් ගැටලුවක යනුවෙන් පල කළ පුවතකට අදාළවයි.
එමගින් ආසියානු කුසලානයට පෙර ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම රක්ෂණ මුදල් වංචාවක් වෙනුවෙන් සිදුකළ බවට චෝදනා කඑ තිබුණා.
එසේම ධනුෂ්ක ගුණතිලක මෙම සංචාරයට පිත්තක් හෝ රැගෙන නොගිය බවටයි චෝදනා කර තිබුණේ.
මීට අදාළ පුවත නිවැරදි නොකරන්නේ නම් නඩු පවරන බවයි මෙම එන්තරවාසියේ දැක්වෙන්නේ.