ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිඛෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම් කඩ කර විනය විරෝධීව හැසිරීමේ චෝදනාව මතයි.
ඔහු සම්බන්ධ පරීක්ෂණය අවසන් වන තෙක් සියලුම මට්ටමේ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමටයි මීට පෙර පියවර ගෙන තිබුණේ.
ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මෙසේ කඩිනම් පියවර ගනු ලැබුවද ලෝකය හමුවේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නාමය හා රටේ නාමය කැත කළ දිනේෂ් චන්දිමාල් හා චන්දික හතුරුසිංහ / අසංක ගුරුසිංහ යන අය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කිකට් ආයතනය නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලබනවා.
ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්වූ සිය සුපිරිම ක්‍රිඩකයින් දෙදෙනාට විනය පියවර ගනු ලැබුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ නොවන්නේ නුසුදුස්සන් විසින් එය පාලනය කිරීම හේතුවෙන් මිස අන් කවර හේතුවක් මතදැයි ප්‍රශ්න කළ හැකිවනවා.