You are here
Home > ආසන්න-පුවත් > ධර්මසේන පතිරාජ සමුගනී

ධර්මසේන පතිරාජ සමුගනී

ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද උදෑසන සිය ජීවිතයට සමු දුන්නා. ධර්මසේන පතිරාජ මහතා කලක සිට රෝගාතුරව පසු වුණා.

මිය යන විට 74 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට කළ මෙහෙය අපමණයි. 1967 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයේ සම තිර රචකයා ලෙස කලා ලොවට පිවිසි ආචාර්ය ධර්මසේන පතිරාජයන් කෘතහස්ත චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු මෙන්ම නාට්‍ය රචකයෙකු, නිෂ්පාදකයෙකු, තිර රචකයෙකු, ගීත රචකයෙකු, පරිවර්තකයෙකු සහ කෙටිකතාකරුවෙකු ද වනවා. අඩසියවසක් මුළුල්ලේ හෙළ සිනමාවට කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් සැපයූ ධර්මසේන පතිරාජයන් මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරනවා. එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහේ, මතු යම් දවස, සක්කාරං ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඔහු අධ්‍යක්‍ෂණය කළා. දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ස්වර්ණසිංහ සම්මානයෙන් ද පුද ලද විශිෂ්ට කලාකරුවෙක්.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top