නඩු 5කින් මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්


වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස්  කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුවේ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත්ව ඇති බැවින් මෙම තීන්දුව නිකුත් කර තිබෙනවා.

වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා තිබුණේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes