නදීමාල් පෙරේරා ඩුබායි චෝදනාවලින් මුදා හැරෙන ලකුණු


මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් නදීමාල් පෙරේරා  මත්ද්‍රව්‍ය භාවිත කර සිට නොමැති බවට රුධිර පරීක්ෂණලින් තහවුරු වී තිබෙනවා.

ඩුබායිහි සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ඩුබායි පොලිස් නිලධාරීන් හමුවූ අවස්ථාවේ ඒ බව දැනුම් දුන් බවයි.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් තම කණ්ඩායම අද ඩුබායි පොලීසිය හමුවේ, කරුණු ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියා.

“අද අපි ඩුබායි පොලීසියේ නිලධාරීන්ව ගිහිල්ලා හමු වුණා සහ අමල් සහ නදිමාල් සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා.  විශේෂයෙන්ම ඔවුන්ගේ යූ ටියුබ් හා දුරකතනවලින් ඔවුන් පෙන්නා හිටියා ඔවුන් දෙදෙනාගේම ගායන කරන ආකාරය සහ ඔවුන්ට ඒවායින් ලෝකය පුරා තියෙන ජනප්‍රියත්වය ඒවා කොච්චර පිරිස බලලා තියෙනවද කියන කාරණා ඉදිරිපත් කරලා ඔවුන් ලංකාවේ සහ පිටරටවල ජනප්‍රිය ගායකයින් බව, අපි අද කරුණු ඉදිරිපත් කළා”


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes