නයා නැටූ බංගලියන්ට අයි සී සී ය දඩ ගසයි

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට හා අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට අයි සී සී ය විසින් දඩ මුදලක් හා සෲණ ලකුණක් බැගින් පනවා තිබෙනවා.
ඒ චෝදනා 2කට අදාලවයි.
ෂකීබ් අල් හසන් තරගයේ අවසන් පන්දුවාරයේදී විනිසුරු තීරණය අභියෝගයට ලක් කරමින් කටයුතු කල අතර ඔහුට ඒවෙනුවෙන් තරග ගාස්තුවෙන් සියයට 25 දඩයක් පනවා තිබෙනවා.
නවක ක්‍රීඩක නූරුල් හසන්ට එල්ලවී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීමේ චෝදනාවයි.
ඔවුන් දෙදෙනාම චෝදනාවට අදාළව වරද පිළිගෙන තිබෙනවා.