You are here
Home > ප්‍රධාන-පුවත් > නවීන්ට එජාපයේ ලොකු පුටුවක් ?

නවීන්ට එජාපයේ ලොකු පුටුවක් ?

කැබිනට්‌ ඇමැති ධුරයෙන් ඉවත්වී එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් ඉල්ලිමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති එජාප ප්‍රතිසංවිධාන කටයුතුවලදී දේශපාලන මණ්‌ඩලය පත් කිරීමේ ඡන්දයෙන් නවීන් දිසානායක මහතාට වැඩිම ඡන්ද ප්‍රමාණයක්‌ ලැබීමයි.

පක්‍ෂයේ මහලේකම් ධුරයට ඇමැතිවරයකු නොවන පුද්ගලයකු පත් කළ යුතු බවට මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිපත්ති තීන්දුවක්‌ ගෙන ඇති බැවින් නවීන් දිසානායක මහතා මහලේකම් ධුරයට පත්වන්නේ නම් දැනට දරන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවෙයි.

මේ සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතාගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ  පූර්ණ බලතල සහිතව පක්‍ෂයේ මහලේකම් ධුරය ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සිතා බැලීමට තමන් සූදානම් බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top